ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වසංගත සමයක්….

වසංගත සමයක්….

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2022-February

බලන් සකි විගසින්

වසා නෙතු කොනකින්

සරමු හිත දසතින්

ගෙනෙන අම සැනෙකින්

ලොවම නිසසල හිතම බියකල

නිසොල්මන් සමයක් (වසංගත සමයක් )….

හිතන්නට අරුතක්

ලැබුණු දිව මතුරක්

අවදි කරවා හැගුම් පුබුදන

සුමුදු සද වතුරක්

තරුද නිසසල සිහින කැටිකල

නිසල සිත් පහසක් ………

සිහින් සරයෙන් අත්ල තවරන

සිතුම් රැලි වැස්සක්

පරිසරය මිනිසත් බවින් එක්කල

හැගුම් මෙත් වතුරක්

අපට අප ගැන හිතන්නට දුන්

දිව්‍යමය වරමක් ………..