ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වරෙව් සොයුරෙනි

වරෙව් සොයුරෙනි

එස්මන්ඩ් ගුණසේකරන්
2022-May

දෙටු සොරුන්
වදනින් වියාලු
නයන බැදි කළු
තිර ඉරා

කෙසරිදුන්
අබිමන් දරාලු
අසිපතත් ගෙන
හද දරා

රකින්නට මව
නිවටුන් නියාලු
ඇද දමා
සිහසුන ඉරා

වරෙව් සොයුරෙනි
ඔටුණු හිසලු
කැනහිලුන්
ගල් ලෙන් කරා