ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යුගල පද මිහිර

යුගල පද මිහිර

මයුරි කොඩිකාර - ගම්පහ
2022-November

වළං පිඟං ගේ මුල්ලේ
ඉකිගසනව හොරෙන්
ඉවුම් පිහුම් නෑ දැක්කේ
හිස්වුනි කුස බරෙන්
ඉඩම් කඩම් කෝ ඇත්තේ
උකසට ගියෙ දොරෙන්
ඇනුම් බැනුම් රෑ තිස්සේ
ඉහලට නැගි ස්වරෙන්

අතන මෙතන කරක් ගැහුව
කුලියද නැත ලැබී
අඩුම කුඩුම අරන් එන්න
කඩපිල වෙත එබී
අනම් මනම් කනින් ඇහුව
කබලෙන් ලිප සිඹී
අහස පොළොව බලන් හිටිය
කඳුලැළි ගඟ බිබී

ඇහැට කණට පේන හින්ද
කෙල්ලද ගෙට කරන්
දුවන පනින රැහේ එවුන්
දකිනට එයි එරන්
කියන කරන දේම නොවෙයි
සෙවනැලි වෙස අරන්
වටින් පිටින් කතා හදයි
රකිමු මැණික ගරන්

දුකයි සැපයි දෙපැත්තකට
පෙරලෙන විට දැනේ
පවයි පිනයි එකලෙසටම
ලැබුනයි මට අනේ
ඉරයි හඳයි පායන බව
සත්තයි සැම දිනේ
උපත විපත අතරෙයි අප
සැරිසැරුවෙම දනේ