ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මියගිය ඇයට………

මියගිය ඇයට………

ලතා ද සිල්වා - නවසීලන්තය
2023-June

සඳ මුහුණ ඔබ වගෙයි – සිසිලසයි ප්‍රියන්කරයි
මට කියා දෙන්න ඔබ – සැඟවිලා ඇයි ගියේ
මම බලා ඉඳිමි – කල්පයක් පුරා
යලි දකින තුරු – ඔබේ නුවන් පුරා

හිනැහෙන්නෙ චූටි දුව – වගේ ඔයා
පොඩි පුතා කියයි – සුරංගනා කතා
ඉන්නවලු අම්මි සුරන්ගනා ලෝකයේ
ඒ ඇසුනේ නැද්ද ඔබට ලැබැඳීයේ

නිදි නොමැති දෑසේ කොන – ඔයා ඉඳියි
සැඟවෙයි ද ඔබ යලිත් – තාම බයයි
සීනයෙන් ඇවිත් – දෑත පිරිමදියි
මේ සසර පුරා – ඔබ මගේ තමයි

මම බලා ඉඳිමි – කල්පයක් පුරා
යලි දකින තුරු – ඔබේ නුවන් පුරා

නවසීලන්තය
29 මැයි 2023