ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කෝ. ආනන්ද හිමිට

කෝ. ආනන්ද හිමිට

ලයනල් ගමගේ ඌරුමුත්ත
2022-August

ඒ එල් පංතියේ නව කව්සරණියට
රස දුන් නිසා තවමත් ඇත කවි මනස
හිමියනි, ගුරු පියේ ඔබගේ මුව කමල
දුටු විට මතකයට ඒ මාතොට නුවර

යන එන හුස්ම පොද සඟවාගෙන පෙරට
ගිනිගෙන දැවෙන දිවයින ‘ විනිවිද ‘දුටුව
ඔබගේ තෙලි තුඩේ රැඳි මව්බිම ලකුණ
අදටත් වටී මොළයක් ඇති මිනිසුන්ට