ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කැකුළු මලට ඔවදනක්….

කැකුළු මලට ඔවදනක්….

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
2021-August

නෙක පාට සුවද මල් පිපී ඇති උයනේ
ඒ පැහැය නිසාමයි ලොව එළිය කෙරුනේ
රොන්අරන්හොර හොරෙන්ඉගිල්ලෙන බිඟුනේ
තැලුණු මල් පෙති වලට අගය නැත ලැබුනේ

ඉගිල්ලී හැරදමා රොන් ඉරූ මල් කැකුළු
ඉවත ලූ බඔරුන්ගේ දැන් නොමැත මුකුළු
ඉගිලෙන්න ඉඩ නොදී වැසූ කල දොර අගුළු
බාඳුරාවක් විලස ලොව දකියි ඒ කැකුළු

පාට මල් පිපුනාට අතු අතර මුදුනේ
කාට නම් කියන්නද හුදෙකලා අරනේ
රැට තරු දිලුනාට සඳ වටා ගුවනේ
පාට තරුවට වඩා හඳ තමයි දිලුනේ

වන වදුලේ නිදහසේ වැඩෙන මල් පදුරු
සෙයිලමේ මැටි බදුනේ පැල කරත් කවුරු
නාටු වූ කොළ මිසක නොවේ මල් සොඳුරු
පිපුණු මල් සුවදමුත් තැලුනු පසුනැතසොඳුරු

බඔරුන්ට පැණි නොදී උන්ගේ ගී අසාපන්
මලක ඇති අගය ගැන බඔරුන්ට කියාපන්
මල් පෙත්තේ පාට නොව සුවඳ ගැන සිතාපන්
කටු අකුල් මත වුනත් නුඹ යසට පිපීයන්