ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉතින් අද වැසි දිනක්

ඉතින් අද වැසි දිනක්

වජිර කුමාරසිංහ
2023-August

තුරු පත් ඔරවන්
බිම බාලාගෙන
වැහි බරට
තරහින්……………..
අතරින් පතර
සුළඟක
ඇවිදින නටන
ලිය ලදැල්ලකි………………..
තෘණ පත් වලට නෑ
කිසිත් ගානක්
කඩන් වැටුණත්
අහස
හිඳී නිහඬව …………..
යටඋවත් තම හිස්
නැගිටී හිමිහිට……….
මිදුලේ
වැසි සුනාමියකට
හසුව ගසාගෙන
යන කළු කුහුඹුවකුට
මා තැනූ ඉරටු පාලමෙන් ගොඩ වී
ටික දුරක් යනෙන විට
හමුවිය කුහුඹිචියක්
මුහුණට මුහුණ හොවා මෙනවාදෝ මුමුණ
උන් දෙපල තෘණ පතක වහල යට සැඟවුණි…………….
වහලෙන්
රිංඟන හිරිකඩක්
තෙමාලයි ලියන මේසයේ
තබා ඇති
හුඟාක් ඉස්සර
ඈ මට තිළිණ කළ
රතු ඉටි මලක්……………………
ඉතින් අද වැසි දිනක්………………………