ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිංහයට පණ දෙන්න…

සිංහයට පණ දෙන්න…

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා - විශාකා විද්‍යාලය
2022-September

ආලෝක තල මතට
වේදිකාවෙන් නැගෙන
හිරු වගේ කාලයක්
ඒ දුන්නු ජවයෙන්ම

හෙළයන්ට මාවතව
නැගෙන්නට හඬක් වූ
වියත් තෙද හඬ අපේ
සවනතේ නදවන්න

හිරු ඉපදෙනා දෙරණ
මතට හුරු රැඟුමෙන්ම
සිංහයට පණ දෙන්න
කුළක් වී යළි නැගිටින්න…