ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මවක් ගියා මැද පෙරදිග

මවක් ගියා මැද පෙරදිග

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
2023-September

නිදිබර දෙඇස පියවෙන
ඈතක දිවෙන මනසින
දරුහිමි නිබඳ සිහිවෙන
නංවයි කඳුළු දෙනයන

නො රටක විසල් මැදුරක
මුළුතැ න් ගෙයක බිය දෙන
පිඹිමින් උරස ගිනිදෙන
උණුදිය වැදුණු පහරින

නො නිදන සිරුර වෙහෙසින
පුදනට රැයෙහි ගෙහිමිට
නො පිරුණු ඔහුගෙ මන දොළ
වැලමිට පහර විඳිනට

පනිනට බිමට මහලෙන
නසනට දිවිය සිත දෙන
දූ දරු වූවන සිහිවෙන
හදවත හඬා වැලපෙන

(මේ කතුවරයා 2005 දී පළ කළ ‘ඇසි පිය’ කාව්‍ය සංග්‍රහයෙනි)