ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

විශ්‍රාම

විශ්‍රාම

ජයන්තිමාලා පෙරේරා
2023-January

මොකද්දෝ සතුටක්
තියෙනවා හිත යට
කියන්නට දන්නෙ නෑ
ඒ වුණත් හරියට
සිනා වී මූණටම
දැල්වුවත් ගින්දර
සැලුනා ද කිසිවිටෙක
නිවුනා මිසක් මම
හමුවුණා නොමිනිස්සු
මිනිස්සුත් ඉ‍ඳ හිට
පැසසුම් ද ගැරහුම් ද
එළි කළා මාවත
හුස්මක් නොගෙන ඒ
දිව්ව එක පිම්මට
ජීවිතය නවතලා
විඳිනවා දැං මම