ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මරලතෝනිය

මරලතෝනිය

ආරි ලියනගේ - ඉතාලිය
2023-May

අඩ අදුරේ අවන්හල කොණ
රතු රෝස මල අතැති යුවතියක්
අඩමතින් නුඹ දොඩන පෙම්බස්
නො ඇසුනත් දනිමි මම
රැව්දෙයි හිස් කබල පුරාවට
මරාදමන්න නුඹ අණ දුන්
අපේ නූපන් කිරිසප්පයාගේ මරහඩ

රැඳෙමි තෙක් අලුයම
රකිමි නුඹ එනතුරා දොරකඩ
රතුම රතු කරමි පිහිතුඩෙන්
වැලන්ටයින් රතු පලස පුරාවට
නූපන් කිරිසප්පයෙකුගේ තවත්
මරලතෝනිය වලක්වන්නට.