ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොළඹ යුගයේ සිත්ගත් කවි – ඊනියා පාලනය (1952) – එදා මෙදා වෙනසක් ඇද්ද?

කොළඹ යුගයේ සිත්ගත් කවි – ඊනියා පාලනය (1952) – එදා මෙදා වෙනසක් ඇද්ද?

හක්මන බැන්ටිස් රණවිර
2021-December

සැනසිලි ගීතයක හඬ නොව කන සවණේ
දෙන පණිවිඩෙන් දැලි පැහැ ගැන්වෙන මුහුණේ
නිදහස් ලක් රජයකට අප හද ගැලුණේ
පව් පින් දෙකේ කුමකින්දැයි මට නොදැනේ

අහර – නිවෙස් – රැකි රක්ෂා පැන ආදී
දහසක් පැන ඇතත් එක පොදියට ඈඳී
පාලකයන් ගෙ නෙත් සිත් එදෙසට නෑදී
රජයක් කරති ‘පොරොඩාතන්තර වාදී ‘

යොදුන් ගණනකින්වත් දෙස්පල් බිමට
කිට්ටු නොවිය යුතු මැටි ගුලි ටික මෙරට
පත් වූ හෙයින් පාලන තනතුරු වලට
ලජ්ජාවේ නාහින්නට සිදුවිය අපට

දේසික උරුමයෙන් පිටතට දිව වැටුණා
ජාතික සාමයික බැමිවල ගැට ලිහෙණා
කන්න බොන්න ඇති ලොකුගේවල වෙසෙනා
දණ්ඩෝ තමයි පාලකයෝ අප රකිනා

සිය බස මෙන් ම සිය ආගම නොහඳුනන
සිය දෑ සිරිත් පිළිවෙත් බොරුවට තකන
මහ පව් පඳුරු වැනි ළාමක සියලු දෙන
පාලක බිමෙන් එළවමු පෙරමුණට පැන

වැටකටු කඩා බිඳ දැන්වත් මිතුරු වෙමූ
සටනට පා තබා රණහඬ පතුරු වමූ
ජාතික සමගියට පණ දී රැක ගනිමූ
‘මට බැහැ ‘ කියා හිතුනොත් තණ පිදුරු කමූ

ඉහිලුම් නො දෙන ලෙස රජ කෙළි කෙළින අද
පුහුගෙඩි ටික ලන්ට රජයෙන් පිටට ඇද
පහුබට වෙතොත් කිසිවෙක් සටනට නො වැද
ඔහු වැදු මවට දියයුතු දඬුවම කිමද

(උපුටා ගැනීම – දේදුන්න සඟරාව 1952 – සම්පාදක පී.බී .අල්විස් පෙරේරා)

—————————————————————————————————-

ඌණ පූරණය නිශ්ශංක දිද්දෙණිය විසින්

ධන දේපළ අයුතු ලෙස උපයා ගත්ත
කන බදු මුදල් හරවා ඒ මේ පැත්ත
මොන පැති මාරු වුවමුත් මුන් එක රොත්ත
පන්නා දමමු මේ මල මූසල හැත්ත

2021.11.03.