ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවියාගේ ඇනෙක්සිය

කවියාගේ ඇනෙක්සිය

සුනීතා පෙරේරා - ලන්ඩනය
2023-November

දැලි කුණු ,ඉඳුල් පිඟන් ,
ගඳ ගහන කුණු මළු
පිරුණු කුස්සිය…

මකුළු දැල් බිත්ති පුරා
දුවිල්ල ගෙබිම පුරා
කිලිටි රෙදි ගේ පුරා
හිස්වූ ප්ලාස්ටික් සහ වීදුරු බෝතල්
අතරින් හිස ඔසවන සම්මාන .
මේසය පුරා….

කිලුටුවී ගිය ඇඳ රෙදි
බාගෙට ඇතිරූ අවුල් වී ගිය ඇඳ,…
මේ සැම අතරින් -සෙමින් අඩි තබමින්
එහාට මෙහාට සක්මන් කරන
රුවක් ..

නිනව්වක් නැති සේය -අවට ලෝකය ඔබට
ගිලී සිටී ඔබ සිතුවිලි සයුරක

වැරදුනිද? ඔබට ජීවිතය…
ලෝකයට හොඳ මුහුණු පෙන්වන
ඇතුලාන්තය කුහකකමින් පිරුණු මිනිසුන්
නුඹ වැනිම සිතැත්තන් යැයි
සිතූ නිසාවෙන් ..

නැතහොත් කවියක්ද ඔබ පබඳින්නේ
හිඳිමින් නිද්‍රාවක සොඳුරු …

සුනීතා පෙරේරා.