ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ක්ෂීර සාගරය පාමුල

ක්ෂීර සාගරය පාමුල

මෙල්බර්න් ජන කවියා
2022-May

ක්ෂීර සාගරය පාමුල – මෙල්බර්න් ජන කවියා

දේදුන්නකි පායා ආ
රෑ මැදියම
දහවල හිරු නැති යුගයේ

ක්ෂීර සාගරය පාමුල
ඒ දේදුන්නේ එළියෙන්
දූතයන්‍ ය එක්වූ සුර

නොවී එතෙර
නැවැතී එහි
දේදුනු තුඩගින් සෙනෙහෙන්
පාරති උන් කළුවර රැය
බිඳ බිඳ දහවල එන තුරු …

කතෘ අඥාතයි (anonymous)