ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පැටව්

පැටව්

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
2022-November

ගස් වටේ කැරකෙන උලා කන
පැඟිරි වයසේ එළදෙනේ
කකා විතරක් ඉඳල බෑ බං
මවක් විය යුතු ඉක්මනේ

උඹලගේ දරු සෙනෙහසේ ඵල
නෙළයි උන් මනුසත් කුලේ
ඒකමයි මද කිපුණ කාලෙට
කඹ නැතිව යැව්වේ රැළේ

සුදු නෙළුම් ඇත් පැටව් හීනෙන්
දැක්කෙ නැත්නම් නුඹ නැසේ
මේ ලොවේ කොයි ආදරේටත්
යම් මිලක් නියමයි එසේ

නුඹට නම් ඕනෑ එකෙක් පිට
උඩට ගන්නට හැකි වෙතේ
ගෑණු වී සරු කර ගැනීමත්
අපම කරගත යුතු වෙතේ

බෝට්ටුවෙ අපි දෙන්න එකටයි
පතා ආ ලෙස ඉරණමේ
මගෙත් නරකම කල දසාවයි
යන්න වෙයි ළඟදිම ගමේ