ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පන්හිදට පණ ඇවිත්!!!

පන්හිදට පණ ඇවිත්!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය
2023-July

පණ තියෙන පන්හිදකින්ලු
ඒ මිහිරි ගී පද වැල් ලියවුනේ
දුක හිතෙන හැම විටම ඒ පද අපේ වුනා
තනිවන හැම විටක ඒ පද අපව ජිවත් කලා
පණ ඇති පන්හිදෙන් ලියු ඒ පද වලට පණ ඇවිත්
අපේ ජිවිත වුනා!!

ලේඛකයෙකු, කවියෙකු, ගී පද රචකයෙකු, චිත්‍රපට
‍අධ්‍යක්ෂකවරයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න නම් වූ අද්විතීය සොඳුරු නිර්මාණකරුවාණනි,
ඔබේ පණ ඇති පන්හිඳෙන් තවත් අපූර්ව නිර්මාණ රැසක් අපවෙත දායාද කරන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය ඔබට නොමදව ලැබේවා..!!!
නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුම ලැබේවා..!!!
ඔබට සුබම සුභඋපන්දිනයක් වේවා…!!!

ඡුනී 2023