ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පන්නරය නිසසලයි

පන්නරය නිසසලයි

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK
2022-March

පන්නරය නිසසලයි

ගිරි දුර්ග පසුකරන්
මා පැමිණි මේ ගමනේ
පය පැටලිලා වැටුණු වර බොහෝයි
සිතට දිරි ගනු පුතේ
දෙපා පොඩි සවි නැතේ
ඔබ කියූ වදන් නිති සිහි නැගේ

සුළි කුණාටුත් බොහොයි
ගන අඳුර රජකරයි
ආලෝකයක් අවැසි බව දැනෙයි
පහන් සිළුවක් විලස
ගන අඳුර මැඩලමින්
මා ලඟින් සිටි අයුරු සිහිනැගෙයි

විසල් ගල්පර මතින්
ගමන බොහො දුෂ්කරයි
දෑත සවියක් සොයන වග දැනෙයි
පන්නරය වී අම්මේ ඔය දෑත දිගුකරන්
මදෙස බැලු දෙනෙත් අද නිසසලයි