ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුදු රෙදි කඩ

සුදු රෙදි කඩ

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව
2023-January

ලංඩන් කවි පොතක්
පලවුනු පුවතක්
ඇහුනද ඔබටත්
ඔය​ හෑගොඩලගෙ වැඩක්!

සැම මවිත කරමින​
නිසි අරුත ගූගල් වෙන
හරි විරිත නොම දැන​
කවි සිරිත කෙලෙසන​

අප වැනි ඇහිඳා
වර වර නිතර කැඳා
කවි සසුනේ ඉඳා
අනේ මේවත් කවිද මංදා

බණ පද අමතක
ථුල්ල පන්තක
කිව්වලු හොඳ බණක්
ජීවක නිවසෙදි වරක්

ලංඩන් කවි සබය අප සැම​ හට කුමක් වැනී​
ථුල්ල පන්තකුන් ලත් සුදු රෙදි කඩක් වැනී​
පරිනත කිවිඳුන් අතරේ හිටියත් අප වැනි වැනී​
සමහර අපේ කවි මල් ඔය පොතේ පලවුනී!