ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දුම්රියේ පෙම්වතිය

දුම්රියේ පෙම්වතිය

හර්ෂා සුගතදාස - මීගමුව
2023-January

හිමිදිරිය ගුලි කරගෙන
මිහිදුම් සළු පොරොවාගෙන
සිනාමල් පොකුරක් රැගෙන
එදා සපැමිණි දුම්රියේ පෙම්වතිය

සිනාමල් ගලනුලට
දුරකතගේ මුව තුළ ඔබාගෙන
අද යනෙන පෙම්වතුන් දකිනවිට
ඔබව සිහිපත් නොවී කොහොමද

කතා පෙට්ටිය සේ දොඩමළුව
අතොරක් නැති කෙළිකවට
ප්‍රේමයට දුන් ජීවය
එදා මොන තරම් සොදුරු ද

නැතිවා ද ඉසිඹුවක් – ප්‍රේම සල්ලාපයකට
දෙසවනේ ඇබ ගසාගෙන – ඇසිය යුතුමද එකම ගීතය
ප්‍රේමයේ නව මානය – වියපත් අපට අරුමය
ඒත් සුවඳයි – එදා අප විඳි චමත්කාරය