ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නැති උන්ට බෙදා දෙමි…….

නැති උන්ට බෙදා දෙමි…….

පුෂ්පශාන්ත සමරනායක - මොරටුව
2023-November

එදා මේ තුර ගෙවූ දිවිමග
එකතු වී ඇති හදක ප්‍රේමය……
රිසි කෙනෙක් වේ නම් කියනු මැන..
බෙදා වෙන්කර පවරමී…
කිසිඳු මුදලක් නොපතමී…….

ජීවිතය දුර එක්ව යන්නට…
සසර ගමනේ දුර ගෙවන්නට….
පැමිණි නුඹටත් හිඟව ගිය ඒ
කොටස ආයෙත් පුරවමී..
එයින් වැඩි කොටසක් හිමී….

සාම අමරත් එක්ක එකතුව….
සල් ගහේ නැග,මල් නෙළූ උන්…
කොතැන වේ දැයි නොදනිමි….
උන්ට ඉන් කොටසක් දෙමී….

එකෙකු පාගා දිවි ගෙවන්නට…
උනුන් යටකර නැගී ඉන්නට
වෙර දරන උන් අමතමී…
ඉතිරි නොකරම එය දෙමී…

හදෙහි අවසන් සුසුම තෙක් ඉම…
ගෙවාගන්නට මදි උනෝතින්…
අතිරික්තයක් පෙම හිමී
අම්මගෙන් ඉල්ලාගමී…..

2023.10.17