ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කොහොමද කොහොමද

කොහොමද කොහොමද

විශේෂඥ වෛද්‍ය කේ. එල්. වික්‍රමරත්න - කොළඹ 5
2021-April

දළඹුවෙක් කොහොමද – සමනලයෙක් වෙන්නේ අයියන්ඩී
වන මලක් කොහොමද – මල් ගහකින් එන්නේ අයියන්ඩී
උල්පතක් කොහොමද – සැඩ පහරක් වෙන්නේ අයියන්ඩී
හිතින් ඔබ කොහොමද – මට ලංවී ඉන්නේ අයියන්ඩී

කවි හිතක් කොහොමද – පෙම් කවියක් වෙන්නේ පුංචි නගෝ
පෙම් කවක් කොහොමද – ආදරයක් වෙන්නේ පුංචි නගෝ
පැල්පතක් කොහොමද ආදරයෙන් – රජ මැදුරක් වෙන්නේ පුංචි නගෝ
තව ටිකක් ඉවසන්නෙ කොහොමද – කැන්දන් යනකං මගෙ පුංච් නගෝ