ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රජකමක වග

රජකමක වග

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
2023-April

බ්ලොග් ගල් කොටු පවුර බැඳ
පින්තාරු කර අඳුරු කොල පාටින්
රජ වී සිටිමි මම
බ්ලොග් ගල් මාලිගාව තුළ
මගේ ආදර
බිසව් සමගින්

එවන් කොටු පවුර තුළ
විචාරමි දැහැමින් සෙමෙන්
මගේ රාජ්‍යය
නිතර සොයමින්
දුක සැප යටත්වැසි
දරු සිඟිත්තන්
ලෙහෙනුන් බටිති මලිත්තන්
සතුරු සිත් ඇති
බලු බළල් මැරයින් .

මම රජු තමයි පෙර සිට
නෙක බර අවි දරා සිටි යත්
මං
තනතුරු යාන වාහන මිල මුදල්
මගෙ බිසව් මට වඩා බලවත්
වචනයෙන් ඉඟියෙන් කඳුලින්
එපා කිව්වොත් මගෙ බිසව්
යම් දෙයක්
මං නොකරමි .
බැරි වෙලාවත් කට වැරදී
කිව්වොතින් මං ආපිට
අරිනවා ඇය
මතක අවි ගබඩාව
තියුණු අවි තිබේ රැස් කර
පේලියට අතේ දුර
අමතකයි මට ඒව ඇය ළඟ බව

රැගෙන ඉන් දෙක තුනක්
එවූ කල මගෙ ළයට
අනේ මගෙ රජ කම කුමට

යටත් වැසියනි දැන ගනිව්
මං තමයි රජු මගෙ රාජ්‍යයට –
නුඹලට
ගෘහ මූලික ලයිස්තුව ට
මං කැමති සාමයට
බිඳුණොතින් සාමය
අපි ඔක්කොට ම තමයි කරදර
දැන එ බැව් නුඹ සැම
ඉඳින් මං ඉන්න විදිහට
හදාගෙන ප්‍රශ්න එක එක
නොගෙනෙන්
නොහැකි මට විසඳන්න .

16-01-22

ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තික යුග දිවිය හාස්‍ය ජනක දෘෂ්ටි කෝණයකින් බලා අපට ම අප ගැන ම සිනහා උපදවා ගැනීම අරමුණු කොට ලී මි