ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නන්දා මාලනී ඔබ හැර කිම ගෙතුව…………

නන්දා මාලනී ඔබ හැර කිම ගෙතුව…………

චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව
2023-December

දෙරණට පය ගසා විකසිත වූ පියුම
නළවයි සැවොම සරසවි වර ලද දිණුම
කෝකිල හඬින් ගයනා ගී නඳ සෙවුම
කිසිවෙකු සම නොවේ හිත බැඳි කම මැවුම

සවනට අම බිඳුය ගයනා ගී සින්දූ
වරෙකදි සැඩය තව වරෙකදි බන්දූ
මුතු මෙන් වටින මේ ලක් මව වෙත කැන්දූ
දිරි දියණියක් මය ඔබ අපහට ඉන්දූ

පෙම් ගී ගයන විට අමරස වෑහෙනවා
නෑ කිසි අඩුව යුතුකම ඔබ පවසනවා
සෝදන කරන්නෙ කෙළසද මොරදෙනවා
ජාතිය නඟන්නට පණිවිඩ ගෙනයනවා

දිස්නය වැන්න මරකත කිරණින් සතුව
රැල්ලක් නඟන කිරි සයුරෙහි නිති ඇතුව
නන්දා මාලනී ඔබ හැර කිම ගෙතුව
ආඩම්බරයි සෙනෙහෙන් බැඳි සිත පැතුව