ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සංසාර චාරිකා

සංසාර චාරිකා

විමල් ඇම්. ගමගේ
2024-February

පැතුවත් බුදුවන්න අම්මාවරුන් හට
පෙරුමන් පුරා වෙසතුරු වී ඉපදෙන්ට
දරුවන් දන් දෙන්න ජූජක බමුණන්ට
නොහැකියි ඉතින් හැකි වේවිද බුදුවන්ට

ලොකු දුව දීග යන දවසේ නෙතු අගට
එරුණා කඳුළු කැට වෙන්වී යන දුකට
දරුවන් දෙන්නෙ කොහොමෙයි ජූජකයින්ට
නොහැකියි ඉතින් හැකි වේවිද බුදුවන්ට

බුදුවන පුතුන් හට කුස නිවහන වෙන්න
බුදුවන පුතුන් තුරුළට ගෙන කිරි දෙන්න
බුදුවුණු පුතුන් ගෙන් බණ පද අහගන්න
පතනෙමි අම්මෙ පතනෙමි එය ඉටු වෙන්න

Photo; Claudia Wolff