ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නඩු විභාගය

නඩු විභාගය

නාලක ගම්මැද්දේගෙදර
2023-July

සිතුවිලි අතර එහා මෙහා
දෝලනය වන හැඟීම්
හෘද සාක්ෂිය නමැති
උසාවියට දමා නඩු විභාගය
ආරම්ඹ කලෙය
මහත් ශ්‍රමයෙන් දිය යට සගවා ගත්
හුලං බෝල මෙන්
මිත්‍රත්වය. සහෝදරත්වය. ආදරය. ඉරිසියාව. දුක
නමැති සාක්ෂිකරුවන්
විත්ති කූඩුවට පැමිණ
සාක්ෂි ඉදිරිපත් කර උසාවිය මදවේලාවක් කල් තැබිය
පසුව නිහඩතාවය බිදිමින්
යුෂ්මතා වැරදිකරු බව
ජුරියේ එකමතික තින්දුව විය
පසුව හදවතට තුන්වරක්
ලී මිටියෙන් පහර එල්ලකර
බරපතල වැඩ සහිතව
ඇයගේ ආදරය නමැති සිර කුටියේ
වහා සිරගත කල යුතුබව
විනිසුරුගේ අවසන්
තීන්දුව විය.

23.04.15 නාලා
නාලක ගම්මැද්දේගෙදර – කටාර් රජ්‍යයේ සිට