ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දොහොත් වැඳ තුති පුදමු

දොහොත් වැඳ තුති පුදමු

මාක් ඇන්ටනි කුමාරගේ
2023-August

කලාකරුවාණෙනි..!
*
වේදිකා නාටකය
නැරඹුවේ අපි එකල
එය අපේ සිත් සතුටු
කරන්නට සමත් විය..
*
මනමේ සහ සිංහ බාහු
අප නැරඹූ මහා රැඟුම්
කෙලෙසක අමතක කරම් ද ?
*
නිශ්ශංක දිද්දෙණිය
වේදිකා රංගනය
තේජවත් පා ගමන
සමඟ කළ ගායනය
දෝංකාරය දිදී
රඟහල ම සිසාරා
රැව් දුන්න විලාශය..
*
දසක ගණනකට පසු
මොන තරම් මනරම්ද
එතුමන්ගෙ රිදී හඬ
අසන්නට ලැබීමත්
එවන් වූ තේජසින්
මහා උද්ධාමෙකින් ..
**
කවි සිතින් ඇලුම් කළ
නොමැකි තිබු රැඟුම් කරු
සජීවි ව දකින්නට
එම ගැයුම් අසන්නට
වාසනා වන්ත වූ
ඔබ සැමට සුබ පතමු ..
*
නිශ්ශංක දිද්දෙණිය
කලාකරුවාණෙනි
සුබ සිතින් සොඳ සිතින්
දිඝායුෂ සුව පහස
පතමු අපි එක සිතින්
තවත් බෝ කාලයක්
කලා ලොව බැබලෙන්න ..!
*
සැඳෑ සුව ජීවිතේ
සැනසුමෙන් විඳ ගන්න
*
අමිල රංගන සොබා
සමඟ කළ ගායනා
මහ හෙළයෙ වේදිකා
සොළවමින් කළ රැඟුම්
සදා අප මතකයේ
සනිටුවන් වී තිබේ ..
*
අප තුතිය පිළිගන්න
මහතුණී නිශ්ශංක..
දොහොත් වැඳ තුති පුදමු
කලාකරුවාණෙනි..!