ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මලක් වන්නට පැතුම් පැතුවා

මලක් වන්නට පැතුම් පැතුවා

සුදර්මා වීරක්කොඩි
2023-May

මලක් වන්නට පැතුම් පතුවා
හිමයනේ ඔබ සිරි පතුල ලග
නිවා මේ භව කතර අබියස
ඉක්මනින් පෙති මිලින වී යන

මලක් වන්නට පැතුම් පැතුවා
සුවද විහිදන බෝ රුකක් මුල
ගිමන් හරිනට සිත් සිසිල් කර
පිහිට පතනා මිනිස් හිත් ලග

මලක් වන්නට පැතුම් පැතුවා
මහා දාගැබ් කුසක පාමුල
නොමපෙනී කිසි ඇසක නොගැටී
වේදනා මිරිකෙනා හද තුල

මලක් වන්නට පැතුම් පැතුවා
නොකී සුන්දර කතාවක් මැද
මහා සිතුවිලි අවදි කරනා
අහින්සක හිත් කුහරයක් මැද