ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තිරිසන් (නො) තිරිසන්

තිරිසන් (නො) තිරිසන්

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
2023-July

පූසියක පෙර දිනෙක
රාත්ත්‍රියෙහි
තනියෝම
වදති
පැටවුන්
හය-හතක්
එක පෙළට
ඒත්…..
මානව ළඳක්
සිසේරියන්
අඬු – දඬු මැද
මහා ධනයක්
පුදා
ලබන්නීය
එකම එක
ප්‍රාණියෙක්
රෝහලක
සුපිරි අසපුවක
සිට…….
(පිටුව 104)