ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජාතික ගීය

ජාතික ගීය

වජිර ජයවර්ධන
2023-August

උස් නිදහස
අපේ ජාතිය
බලයෙන් ඉම්බ
උත්තර අපේ මව්බිම

හැත්තෑ පහක්
මාරුවෙන් මාරුවට
සුර විමනක් මැවූ
අභිමානවත් මේ බිම

අණන සුඛය විඳින
භෝගයෙන් ආඩ්‍යය
සුර සැප විඳින
දනන් ඇත තුටින්ම

ලෝකයම ණය
පාලකයන්ගේ විනය
එහෙව් රටක
ජාතික ගීයක්

හැදූ එකත් මරා ගත්තු
අමුතු රටක
වචනයක් වැරදීම
එල්ලිය යුතු වරදක්.