ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුරු දිනයේ සිතුවිල්ලක්

ගුරු දිනයේ සිතුවිල්ලක්

තුසිතා සුරේකා - මීගමුව
2023-December

නුඹ නමට හැඩ නොවන පන්හිඳ ,ආයෙ මොටදැයි හිතට දැනුනා.
ඉරි දිගේ නිල් තීන්තෙන් කලු ,නුබෙ සෙනෙහෙ ගැන මදක් ලිව්වා…..
ලියනවානම් මාගලක් මදි, ඇදුරු සෙනෙහෙ බැන්දුමක් මායා……
ගෙදර දරුවට වගේ නුඹලා , මගේ දරුවට සෙනෙහෙ පිදුවා…

එක් දිනක් ගැන පද ඇමිණුවට, නුඹලාට එක් දිනක් නැතුවා…
අව් , වැස්ස, පිණි, ලෙඩරෝග ,තැකුවද හැමදාම උන් ලගම රැදුනා…
මගේ දරුවගෙ ලකුනු ගැන මට වඩා…
නුඹ මහ මෙරක් හිතුවා..
දකින විට උන් ගේ හපන්කම්, රත්වු දෙකපුල් ඉබේ සැලුනා….

ඇතැම් විටදී මට වඩා නුඹ , මගේ දරුවව අදුන ගත්තා…
උනුත් නුඹ ගැන ගෙදර ඇවිදින්, විටින් විට පාරම්ම බෑවා……
නුඹ ට කිසි වාසියක් නොලැබෙන, හෙට දවසකට උන්ව සරසා….
ගුරු මව්නි, පියවරුනි නුබලා, රැස් කරන පින් වැඩිද මන්දා…..