ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුංචි රේඛා!

පුංචි රේඛා!

හේමා ඩෙප් - ලන්ඩනය
2022-December

පුංචි දෝණි ගෙ අත්ලෙ රේඛා
කුමක් ලියවී ඇතිද මන්දා
දැනට සියුමැලි සිනිදු අත්ලේ
හැඩ බලන විට හිතට දැනුනා

යම් දිනක ඒ පුංචි අත්ලේ
අළුත් රේඛා ඇවිත් ඇඳලා
ජීවිතය ගැන ලොකු කතාවක්
කියයි නුඹ හට දිරිය දීලා

සෑම රේඛාවක් කියන්නේ
හොඳ නරක බව වැටහි යනවා
ඒත් පුංචියෙ නුඹ ගෙ අත්ලෙහි
රිදී රේඛාවක් අඳිමි මම!