ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තරු සහ ඔබ

තරු සහ ඔබ

ජයතිලක කම්මැල්ලවීර
2023-July

ඔබ සිටින්නෙහිය
අහස මුවා කරගෙන
මට නොපෙනෙන ලෙස
එහි දිලෙන තරුකැට

එහෙත්
ඒ තරු
ඔබට හොරෙන්
ඉඟිකරයි මට

බිය විය යුතු නැත ඔබ
තරු බොහෝ ඈත ය