ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගිනි කතර

ගිනි කතර

නදී විතානාච්චි
2023-October

ගසක් වගේ මල් පුබුදා ලොවට දෙන
සිතක් ලස්සනද කොතරම් සුවද දෙන
ඉරක් වෙන්න ලෝකෙම අදුරෙන් මුදන
කවක් ලියා සැනසෙමි හදවත දැවෙන…..

හඩා වැටෙන දහසක් නෙත් වල දකින
කතා ඇසෙනවා හදවත කකියවන
අසා සෝසුසුම් බිදෙනාවිට සිහින
සොයා යන්න සිතුනා සැමදා නිවන…..

එදා සැවැත්නුවරට යන අඩි පාරේ
අපිත් යන්න ඇති දස දහසක් වාරේ
බුදුන් දකින්නට පින් මද සංසාරේ
තවත් යන්න සිත නැහැ මේ ගිනි කතරේ….