ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ෆැන්සි කඩේ සිකියුරිටි තාත්තා

ෆැන්සි කඩේ සිකියුරිටි තාත්තා

තාරක කුමාරසිංහ - කොළඹ විශ්වවිද්‍යාලය
2023-July

දවස තිස්සෙම නැහිල නැහිලා
කාෂ්ඨක රළු කදුළු පාරේ
දූලි සුවඳේ රසය විදලා
පාස්වෙන වෛවර්ණ රථය
දුම් පුලුටුවල සැරය දැනුණා

තෙමී නොතෙමී හීන් සීරුවෙ
දුවන කොලු රැළ දකින විට මම
ලොකු එකාගේ මතකයට දිව්වා

බෝ ගහේ රැය ගෙවන ජෝඩුව
මගේ තනියට ලඟම උන්නා
ඉඳල ඉඳලා පාර බලලා
බේත් පෙති දෙක හනික ගිල්ලා