ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගලන ගඟකි මේ ගිනිගත් කතරට රන්මුතු දූවෙන් පැන නැඟුණූ

ගලන ගඟකි මේ ගිනිගත් කතරට රන්මුතු දූවෙන් පැන නැඟුණූ

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
2023-December

ගලන ගඟකි මේ ගිනිගත් කතරට රන්මුතු දූවෙන් පැන නැඟුණූ

සවන පිනන මුදු මධුර මනෝහර ගායනයෙන් ජන පොබ කෙරුනූ

තැවෙන දැවෙන හද සනසා සුව කොට අමා පැන් පොඳක සිරි මැවුණූ

නහින දෙහින මේ කලියුගයේ අප අඹර දිළෙන සොමි සඳ පිරුණූ

බාල ළමා වැඩිහිටි කොයි කාගෙත් සවන් පිනන ගී රස මැව්වේ

කාලෙට ගැලපෙන පද මාලාවන් ජීවය පුරවා රස කැව්වේ

පාලකයින්ගේ නොපනත් කම් ගැන තම දිවි නොතකාමයි කිව්වේ

සාධාරණකම් නොමැති කුරිරුකම් ගයද්දි සමහරු නම් රැව්වේ

ශ්වේත වර්ණයෙන් සැරසුණු බොහො අය කාල වර්ණ වැඩමය කෙරුවේ

ප්‍රේමය තැවරුණු සුදු ඔසරිය ඇගෙ කෝකිල නාදය ඔප කෙරුවේ

ද්වේෂය දුරු කොට ආලය ගුරු කළ ගී රස අරණක නම් දැරුවේ

ස්වර්ණ විමානය නන්දාවනි ඔබ අප පිනටයි ලක බිහි කෙරුවේ

චිරං ජයතු නන්දා මාලිනියනී