ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගේ නැන්දණියනේ!

මගේ නැන්දණියනේ!

අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය
2022-May

වැදූ අම්මා නොවී ඔබ මා

හැදූ අම්මා වූ නිසා

කියන්නේ කෙලෙසකද මං අද

නොවූයේ ඔබ මගේ අම්මා

හොවාගෙණ මගෙ හිස ඔබේ

උකුල මත යහණක් ලෙසේ

පිරිමදිණ විට ඇගිලිතුඩු වල

සුවය මට තවමත් දැණේ

කුසේ පිළිසිඳ ගන්න ඉඩකඩ

තිබුණෙ මගෙ අම්මට නිසා

ඔබේ සවියෙන් නොවිය බඩගිණි

දන්න කියණා දොහේ ඉඳලා

ගම් දනව්වේ හිටිය හැමදෙන

කියන්නේ නිති ඔබේ ගුණකඳ

හදණ දේ අන් අයට දී

පිරුණෙ කුස තේ කහට බඳුණෙන්

මගේ නැන්දම්මේ ඔබේ

හැඩරුවින් යළි දිරිය ගන්නට

හීණෙකින් වත් එනවදෝ අප

වෙතට සුපුරුදු සිනාවෙන්

Marne la Valée ප්‍රංශය