ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ටිච් මිලර් (Tich Miller by Wendy Cope)

ටිච් මිලර් (Tich Miller by Wendy Cope)

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න - එක්සත් රාජධානිය
2023-April

බෝතල් අඩි උපැස්
පැලදි ඇයගේ දකුනු
පය වම් කකුල මෙන්
තෙගුණයක් තරම් විය

තෝරන විටදි පිල්
කෙලිබිමේ අන්තිමට
ඉතුරුවී වැට අසල
අපි දෙදෙනා උනිමු

‘ඕගොල්ලො ඈ ගන්න’
‘නෑ ඔබලා ගන්න’
මෙවන් වූ සංවාද
නොනෑසෙන විලස අපි

නොබලා උනුන් මුව
බිමට නෙත් යොමා හෝ
කුරුල්ලකු පියාබනු
බලනු මෙන් හැසිරුනෙමු

වඩා අඩුවෙන් දුබල
මා යැයි සිතු බැවින්
ඇයට පෙර මම නිතර
තෝරා ගනු ලදිමි

ඉතුරු වූ ඇය අනෙක්
පිලේ පසුපසට පය
අද්ද අද්දා ඇදෙනු
නැගේ මා මතකයට

එකොලොස් වියේ දී
වෙනත් පාසැල් වලට
අප වෙන්ව ගිය පසුව
වැඩි කල් නොගොස් මට

පෙර අපට සිනාසුනු
අකුරු බැරි ක්‍රීඩිකා
වන්ට හිනැහෙන්ට වුව
හැකිවීය ටිකෙන් ටික

දොලොස් වන වියේ ඈ
මැරුනු බව දැනගතිමි