ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අලුත් පාරෙන් ඇවිද යමි ඉදිරියට

අලුත් පාරෙන් ඇවිද යමි ඉදිරියට

හිල්මි සුපුන් - ඉතාලිය
2022-December

හන්දියෙන් බැස බස් එකෙන්
වට පිට සොයමි දන්නා කෙනෙක්
මතකය සමග ගළපා දෙයක්
තියනවද සොයමි පැරණි ඉතිරියක්

මහලු ගැහැනු පිරිමි දෙතුන් දෙනෙක්
පමණක් ගැලපුණි මතකය සමග පැරණි
භෞතික දෙයක් වේ නම් දිරාපත් වූ තේ කඩය
පමණි ඉතිරි මා දන්න දෙයකට වැහැරුණු

මේ ගම වුණත් මා උපන් බිම
නව නගරයකි අද මට අලුත් හැම
ඉඳහිට කෙනෙක් සිනාසුනේ සැකයෙන් ම ය
මේ දසක තුනකට පසු මා ගම ආ දවසය

අඩ සියවසක් පැරණි ය මා වුව
ආ ගිය උන් කොතෙක් වෙද මේ ගම වෙත
ගම ගැන මතකය මිස ගමට මා මතක නැත
පසුතැවිල්ලෙන් හැරී නොබලමි ඉතිහාසය