ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තුන්වරක් බුදුන් වැඩි දේශයක්…. අද

තුන්වරක් බුදුන් වැඩි දේශයක්…. අද

ආරි ලියනගේ - ඉතාලිය      
2021-May

පටන් ගනිති පන්සිල් සෙත් පිරිත්  වලින්
ඉවර කරයි මහ රෑ තුන් සූත්තරෙන්
එලිවෙන තුරා ඇසෙනා මහ පිරිත් වලින්
සිරිලක පින් කෙතක් දැන් විය යුතුය ඉතින්

ටීවී රේඩියෝ බණ පැය විසිහතරේ
සාදු නාද හඬ දෙව්ලොවටත්  පැතිරේ
සැදැහැවතුන් කල කියනා දේ අතරේ
කවදා එතර වේවිද මේ දුක් සසරේ

මිනී මැරුම්  දූෂණ රට පුරාවට
ජනයා මත් කුඩට ඇබ්බැහි සුරාවට
රට විකිනෙයි  බුදු සසුනත් විනාසෙට
සුදුසුම කලයි වඩිනට සිව් වතාවට