ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබයි මමයි…

ඔබයි මමයි…

වෛද්‍ය පද්මලාල් පතිරගේ - ඇතුල් කෝට්ටෙ.
2021-June

නිසල විලේ ජීවිතයේ
සසල නොවන මාරුතයේ
රැඳුනු අඳුරු ආකරයේ
එළිය ඔබයි ජීවිතයේ.

පිපුණු මලකි නිරන්තරේ
සුවඳ දැනුනි අනන්තයේ
මිහිර සොයා දිගන්තයේ
ම සිත නැවති වසන්තයේ.

මුදු ගති පෑ සඳ සේමා
රුදු වී හිරු රැස් සේමා
දුක සැප ලඟ එක සේමා
පහන් වුනිය සිත බෝමා.

දිවි ගඟ පැදගෙන යන්නේ
රන් දහදිය සුරකින්නේ
සිත ලඟමයි ගැවසෙන්නේ
කාලය පසු කර යන්නේ.

පිණි බිඳු සේ පිවිතුරු වී
රන් රස සේ එකමුතු වී
මල් කැකුළු ද මට දන් දී
සිනහ නඟයි ඇය පින් දී.

පිපෙන කලට මල් කැකුළු
නඟයි සිනා ඈ මුකුළු
දිවිය අපට නැහැ සතුරු
බවය පුරා අපි මිතුරු.

විය පත් වුව දිවිය පුරා
ජීවිතයක අරුත සොයා
වළා පෙළක් විලස සරා
සසර සරමු බවය පුරා.