ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහපොළොව ම ඔබෙ නමට ය…

මහපොළොව ම ඔබෙ නමට ය…

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2023-May

කම්මල වැඩපල මහමග වෙහෙසෙන
කම්කරු සොයුරනි දා බිඳු වගුරන
ඔබ වන් මෙහෙවිරුවන්ගේ එඩියෙන්
මහල් මැදුරු තුඟු ගිරි නැගුණේ
පාලම් මං මාවත් මැවුණේ
මෙහෙසුරුවන්ගේ පළිඟු බඳුන්වල
ඔබේ ලෙයින් සව්දිය පිරුණේ ….

කරගැට පිරි ඔබෙ රිදුමන් දෙන අත්
කවුරු ද බැතියෙන් වළඳින්නේ
සැඩ හිරු කිරණට කළු ගැහි නළලත
කෙදිනද සෙනෙහෙන් සිපගන්නේ
ඔබ හෙළු දහදිය බිඳු එක් වීලයි
රන් මුතු වරුසා ඇද හැලුණේ
ඔබෙ ලොව රජයන ගණ’ඳුර පලවා
නව හිරු මඬලක් පිපියන්නේ
එදිනට ඔබ වඩිනා මාවත අපි
පාවඩයක් වී වැතිරෙන්නේ
පැතුමයි මෙහෙවිරුවනි මේ පොළොව ම
ඔබෙ නම වෙනුවෙන් ලියැවෙන්නේ

( ලෝක කම්කරු දිනය වෙනුවෙනි )