ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මේ ණය ගෙවා මිස කෙලෙසක මිය යම් ද

මේ ණය ගෙවා මිස කෙලෙසක මිය යම් ද

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
2022-August

බත් දුන් ගොයම
ලය දී පණදුන් දෙරණ
මා ගත නහර ලේ බිඳු
පණ දුන් දෙරණ
අත දරුවකු ව මහ මිනිසකු
කළ දෙරණ
මට අමතක ද
මා ණය ගැති බව ඔබ ට

මා ඉපැදුනේ
මගේ ලෝකය වෙනුවෙන් ද
තනතුරු ඉසුරු
සුව යහනාා වෙනුවෙන් ද
සාරය ඔබේ
මා මිනිසකු නොකළේ ද
මේ ණය ගෙවා මිස
කෙලෙසක මිය යම් ද

මහ වැව් තනා
නිල් ගොයම ට පණ දෙම් ද
කවු . ගී ලියා
ඔබේ ගුණ කඳ නමදිම් ද
සටනට ගොසිිින්
ඔබ වෙනුවෙන් දිවි දෙම් ද
මතු පරපුරට
ඔබ කෙලෙසක රැක දෙම් ද

2010

අප දෙපයින් සිටුවා මහ මිනිසුන්
කළ දෙරණ ට අප ණය ගැති බව
අමතක කළ හැකි ද ? .අප ඒ ණය
නොගෙවා මිය යතොත් අප කවර
දරුවෝ වෙමු ද ?