ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුරුදු සුවඳ

පුරුදු සුවඳ

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
2023-April

බහ තෝරන වියේ පටන්
සමන් පිච්ච මල් සුවඳ
වින්ද මට…..
චෙරි මලේ සුවඳ
දැනෙන්නෑ අම්මේ………
කියල උඹ කීවම…..
අම්මගේ මූණෙ හැඩ….
දැණුනා ද දුවේ උඹට…..