ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අසම්මත පෙම් කවිය

අසම්මත පෙම් කවිය

මුදිතා ඩයස් - කොට්ටාව
2023-August

මියෙන තුරු මම ලියන
අසම්මත පෙම් කවිය

සම්මතයෙන් පිට ගයන
හැගුම් තත් පිරි මදින

මල් වියන් නැති නමුත්
සිහින මල් පිපෙන

සසර පුරා මං විදින
රසම රස පෙම් තනුව