ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අර ගල ය

අර ගල ය

මාලපල්ලේ හේමාංගි අමරසිංහ
2022-May

ඇසුණේ ය මහා යාතිකාවක්
කාට දෝ පවසන
මහා පිරිවර රැගෙන
ගාලුමුවදොරට!
ඒ වුන් කෑ ගසන්නේ බඩගින්නේ ද
“නැහැ-නැහැ” එකෙකු කියනු ඇසුණේ ය
“උඹත් මාත් ඇතුළු ව අපි කියන්නේ
එක ම කතාව ම ය. අවුරුදු ගණනක් පුරාවට.
ඒත් උන් නෑසුණා සේ ම සිටින්නෝ
සැප-සතුටු දිවි පසු කරමින් ම ඉන්නෝ
දුකක්-කදුළක් නොදකින්නෝ…
පිටිය වසා ගත් මහා ජන රළ
එකාමෙන් කෑ ගසන්නේ
එසේ නම් යළිත් ඒ කතාව ම කියන්නට ද?
“වැඩක් නෑ-වැඩක් නෑ. එක ම පවුලේ උදවිය
කොයි පවුලෙත් අඩුම-කුඩුම
තියෙයිනෙ කාටත් පෙනෙන-නොපෙනෙන
කොයි-කවුරු ආවත්
එක ම මේසෙනෙ කෑම කන
දවල් මිගෙල්-රෑ දනියෙල් වාගෙ ම…”

“අන්න වැදුණා…ඔලුගෙඩියට ම
තුවාලයි ලේ වගුරවන්නේ ඔය…
තිබුණා ද උණ්ඩ කෑලි…පොලු කෑලිහෙම?”

“නෑ-නෑ.අපේ එකෙක් ඒ ගැහුවේ…
ආරක්ෂක නිලයකට…ඔලුකට්ට පැලෙන්නට…;
අන්න අර වාගෙ ගලකින්!!

01.05.2022