ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නූතන පෝලිම් කවි..

නූතන පෝලිම් කවි..

නිරෝශන් බාලසූරිය - අන්තර්ජාලයෙනි
2022-June

ඉන්නෙත් ටවුමෙමයි තෙල් පෝලිමක් අග..
කන්නෙත් කටු තමයි (නො)දුන් චන්දයෙ පවට..
එන්නෙත් බවුසරෙයි ඒකත් විටින් විට..
යන්නෙ කවදාද පොම්පය දකින්නට..

අද උදේම මම ගමනක් යන කලට..
බවුසරයකින් බානව තෙල් ශෙඩ් එකට..
දැක්කත් සැපයි සතුටකි මිහිරකි සිතට..
ඉක්මන් වෙලා සෙට් වුනි පෝලිමෙ අගට…

එහා ගමේ තෙල් ඇවිදින් තිබේ ලූ..
මෙහා ගමෙත් තෙල් ඇවිදින් තිබේ ලූ..
අපේ ගමට අද තෙල් එන්නෙ නැති ලූ..
එහෙම කිව් එකාගෙ කට කෑ හැකි ලූ..

ඔන්න මලේ ඔය ශෙඩ් එකෙ බලා වරෙන්..
තෙල් තියෙනවා ෆේස් බුකියේ දමා වරෙන්..
අපේ ගමට එන බවුසර් බලා වරෙන්..
සාදු කාර දී තෙල් ටික ගහන් වරෙන්..

මාතර ගමේ උන් ඒ ඇමති ගෙ පැටියා..
කට සද්දයි තෙල් ඇමතියා වූ සැටියා..
යන එන තෙල් නැවුත් මුහුදේ නවතාගෙන සිටියා..
ඩොලර් සොයයි මාතර ඇමතිගෙ පැටියා..

තෙල් පෝලිමේ මම රත්වී ඉන්න කොට..
රුවැති ළඳක් ආවා මගේ ඉස්සරට..
මුකුලු පපා පෑවත් මායම් හැටට..
දෙන්නේ නෑ යන්නට පෝලිම මුලට..

ගියත් බෙන්ස් එකේ හැඩ වැඩ දමාලා..
ගැහුවත් අට බයික් එකේ නවාලා..
යන්නෙ ත්‍රී විලේ අස්සෙන් දමාලා..
එක පෝලිමේ කවුරුත් උඩ බලාලා…

ගඟ දිය බොර වුනොත් විපක්සෙටයි වාසී..
ඒ දිය මොක වුනත් මයිනට මයි වාසී..
බලතල අඩු වුනත් රනිලට මයි වාසී..
මුන් හැම ගොඩ යන්න අවුසදයක් කාසී…

මයිනා බේරිලා ඉන්නට ට්‍රින්කෝ ගියා..
ලස්සේ වටින කොප්ටරේ දිය වන්නා ගියා..
දෙසිය විසිපහට අඩුවට තෙලුත් ගියා..
උන්ට ඉන්න හෝටල් කාමරත් ගියා..

බෝඹු ඉදල දළු ලා දෝ නෙලාදෝ..
කෙකටිය මලේ වක යාදෝ නෙලාදෝ..
රටට හෙණ ගසා තිබුනද පාන්දෝ..
කවුන්සලේ උන් වල් පල් දොඩාදෝ…