ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අනේ ඉතින් සමාවෙන්න…….!

අනේ ඉතින් සමාවෙන්න…….!

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2022-April

ප්‍රයිවෙට් බස් එන්නට පෙර – ලංගම බස් පාරේ ගියේ
පාසැල් සේවෙ – තැපැල් සේවෙ – අවුරුදු සේවේ
සීග්‍රගාමී – සීමිත නැවතුම – විශේෂ චාරිකා
මතක් වෙද්දී හරි සතුටුයි

කාකි පාට බුෂ් කමිසය
ඇඳගත් රියදුරු සහ කොන්දොස්තර
ගාම්භීර මුහුණ ඔබේ – මතක් වෙනවා තාම ඉබේ

එන්ජිම පණගැන්වූ විට – වෙවුලන සුක්කානම මත
දෑත තබා වීරිය ගෙන – අපිව අරන් ප්‍රවේසමෙන්
කඩුගන්නා – හුන්නස්ගිරි – රම්බොඩ – පාර දිගේ
බස් පැදවූ ඔබතුමන්ලා

කොළඹ -නුවර, ගාලු -කොළොඹ
දුර ගමන් බස් සේවයේ
මුළු ගමනම පාපුරුවේ – එක දිගටම හිටගෙන ගිය
ටිකට් දුන්න ඔබතුමන්ලා

කඳුවගේම තැනිතලාවේ – වංගු තියෙන මහපාරේ
රියදුරු හා කොන්දොස්තර – දෑත දෙපා විරිය ගෙන
මුල ඉඳන්ම ගමනාන්තෙට – අපිව අරන් ගමන ගියේ
ජිවිතේ ගිරි දුර්ගේ – ගමන් කරන හැටි කියමින්

පිළිම හැදුවේ නැති වුනාට – මල්මාලා නොදැම්මාට
අනේ ඉතින් සමාවෙන්න – කලගුණ අපි නොදත්කමට
ගොතා මෙලෙස කවි පදවැල් – ඔබ අබියස පුදමි බැතින්
ඉතිහාසයේ ලියා තබමි – මෙවන් චරිත නොලියු පිටුවේ

24 මාර්තු 2022