ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සම්බුදු පියාණනේ

සම්බුදු පියාණනේ

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2024-June

සම්බුදු පියාණනේ
කරුණාබර මා සම්බුදු පියාණනේ
පියුම් වතින් ගලනා
සුදු මුදු සම්බුදු ගුණ සිසිලේ
මා හද විය නිසලේ

සම්බුදු පියාණනේ
කරුණාබර මා සම්බුදු පියාණනේ
හිමි දෙසු ලොව නිවනා
සුනිමල පිළිමිණි දහම් දියේ
සතපමි සිත සුවයේ

සම්බුදු පියාණනේ
කරුණාබර මා සම්බුදු පියාණනේ
හිමි නැති අප වසනා
මනු ලොව විය ගිනියම් කතරේ
මෙත් විල ඔබ සසරේ

නවක පාඨශාලාචාරිණී,
බප/හෝ/ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය

Photo credit; Mattia Faloretti