
මාතෘකාවක් නැත ……….
පෙර දිනක මෑත අතීතේ
පුටු පෙරලියක් සිදුව ඇත්තේ
ඇමති මණ්ඩලේ ඇතුල් පැත්තේ
ඇමතිකම් අහිමිවී – විසිවුණා සමහරුන්
වාසනාව පෑදී – මතුවුණා පසුපෙළ සිටියවුන්
පහන තියා බුදුන් වැඳ – සුදුවතින් ඇඳ පැළඳ
නැකතට පිටත්වී – සතුටින් මත්වී
සිහිනය සැබෑ වී – දිවුරුම් දෙන්න යාවී
දිවුරුම් දෙමින් කී දේ – අත්සන තබා සහතිකකර
ඇමතිවරයකු වී – පළමු ගමන යෙදෙන්නේ – මහ සඟුන් නමදින්න
අටපිරිකර තබා හිස මත – පිදුවේ සඟුන් වෙත දන ගසා
ඇමති ධුරයේ – අමාත්‍යංශයේ – වැඩ සියල්ල හොඳින් සිදුවෙන්න
දෙසූ සෙත් පිරිත් – අසා බැතියෙන්
දික්කල දකුනු’තේ – බැන්දේ පිරිත් නූලක්
අලුත් ධීවර ඇමති මැතිඳුන්ගේ….
23අගෝස්තු 2021