
පාව යයි -ජීවිතය මගේ
නිමක් කොනක් නැති අහස වගේ – අගක් මුලක් නැති කවිය වගේ
ගනින්න බැරි තරු අහස් ගැබේ – හිතාගන්න බෑ ආදරය ඔබේ
මල් නොපිපුණු විල් තෙරක් වගේ – අහසේ පාවෙන වළා වගේ
රැඳෙන්නෙ නැති පිනි පොදක් වගේ – ගලා ගියා ආදරය මගේ
රැල්ලේ පාවෙන තනි ඔරුව වගේ – අහසේ පාවෙන වලා වගේ
වැල්ලේ මතුවෙන පෙන බුබුළු වගේ- පාවි යයි ජීවිතය මගේ